• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදහස් දින උත්සවයේදී කියවීමට ඉදිරිපත් කරනු ලබන සාමය සඳහා වන ප්‍රකාශය පිළිබඳ යෝජනාව

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා (LLRC) වාර්තාවේ 9.284 හා 9.285 ඡේදවල නිර්දේශ කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, දීර්ඝ කාලයක් රට තුළ පැවති යුද ගැටුම්වලට ‍ගොදුරු වූ සියලු දෙනාට සහයෝගිතාව සහ සහකම්පනය ප්‍රකාශ කිරීමටත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් යළි ඇති නොවනු පිණිස සාමූහිකව ඇප කැප වන බවට ප්‍රතිඥා දීම‍ටත් 2015 පෙබරවාරි මස 04 වන දින පැවැත්වීමට නියමිත නිදහස් දින උත්සවයේදී සාමය සඳහා වන ප්‍රකාශයක් සිදු කිරීම පිණිස ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය, ගරු ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය, ගරු අජිත් පී.පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.