• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ගබඩාවල ඇති ආනයනික සහල් තොග

පසුගිය කාලයේ රජය විසින් ආනයනය කරන ලදුව, දැනට ගබඩාවල රැස් කර ඇති සහල් තොග මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න පරීක්ෂා කර බලා 2014/2015 මහ කන්නයේ අස්වනු වෙළඳපොළට ඒමට පෙර එලෙස ගබඩා කර ඇති සහල් තොග වෙළඳපොළට මුදා හැරීමට පියවර ගන්නා ලෙස ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී.

මහ කන්නයේ අස්වැන්න වෙළඳපොළට ලැබෙන අවස්ථාව වන විට දේශීය වී ගොවීන්ගේ අස්වනු සඳහා සාධාරණ මිලක් හිමි වන පරිදි කිලෝග්‍රෑමයකට රුපියලක් වන සේ ආනයනික සහල් සඳහා දැනට අය කරනු ලබන බද්ද සුදුසු පරිදි වැඩි කිරීමට පියවර ගන්නා ලෙස මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීමට ද තීරණය කරන ලදී.