• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාධාරණ හා අපක්ෂපාතී ලෙස ජනාධිපතිවරණය පැවැත්වීම

සාධාරණ හා අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු මැතිවරණ රාජකාරිවල නිරත වූ සියලුම නිලධාරින්ටත්, පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින්ටත්, ගැටුම් ඇතිවිය හැකිව තිබූ ප්‍රදේශවලට ආරක්ෂාව සැපයූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ටත් අමාත්‍ය මණ්ඩලයේ කෘතඥතාව පළ කිරීමට තීරණය කරන ලදී.