• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන යළි විමසා බැලීම

සහනදායී ණය යටතේ ක්‍රියාත්මක වන විශාල පරිමාණයේ ව්‍යාපෘති හැර වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (Port City Development Project), උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වැනි අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ නීතිය අනුව අනුගමනය කළ යුතු මූලික පියවර ගෙන ‍තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා පහත සඳහන් කමිටුව පත් කිරීමට තීරණය කරන ලදී:

(i) අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා - (සභාපති);
(ii) විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා;
(iii) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා;
(iv) විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා; සහ
(v) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමා;

එමෙන්ම, මෙකී ව්‍යාපෘති සඳහා ලබා දී ඇති බදු සහන පිළිබඳව ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ගරු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.