• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව අඟුලාන නාගරික නිවාස ව්‍යාපෘතිය

- මොරටුව මුහුදු තීරයේ පිහිටි ලුනාව ප්‍රදේශයේ නිවාස ඒකක 356 කින් සමන්විත ඉහත අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කර ඇත. අමතර වැඩ කොටස් ඇතුළත් කිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියෙහි වියදම් ඇස්තමේන්තුව වැඩි කිරීම පිණිස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.