• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරටුව අඟුලාන නාගරික නිවාස ව්‍යාපෘතිය - පළමු අදියර සහ දෙවන අදියර

- මොරටුව මහනගර සභා බල ප්‍රදේශය තුළ වෙසෙන අඩු ආදායම් ලබන නාගරික ප්‍රජාව සහ මුහුදු ඛාදනය හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කරවීම පිණිස ඉහත මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස ඒකක 135 ක ඉදි කිරීම් කටයුතු සහ දෙවන අදියර යටතේ නිවාස ඒකක 153 ක ඉදි කිරීම් කටයුතු නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් අවසන් කරනු ලැබ ඇත. ව්‍යාපෘතියේ පළමුවන අදියරේ සහ දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කොට ඇත. අමතර වැඩ කොටස් ඇතුළත් කිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘති දෙකෙහි වියදම් ඇස්තමේන්තු දෙක වැඩි කිරීම පිණිස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.