• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුලු උණ රටට ඇතුළු වීමේ අවදානම

- පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු ආරුමුගන් තොණ්ඩමාන් මැතිතුමා විසින් තමාට වාර්තා වූ පරිදි දකුණු ඉන්දියාවේ චෙන්නිනලා, අලපූසා සහ කේරළය යන ගම් ආශ්‍රිතව කුරුලු උණ පැවතීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී. ශ්‍රී ලංකාව තුළට මෙම රෝගය ඇතුළුවීම විශේෂයෙන්ම මෙම උත්සව සමය තුළ කුකුළු ගොවිපොළවල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය පිළිබඳව අවශ්‍ය වළක්වන පියවර ගැනීම පිණිස ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.