• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ශිල්ප සභාව යටතේ සාම්ප්‍රදායික අත්කම් අංශයේ පුහුණුලාභීන්ට ගෙවනු ලබන මාසික දීමනාව වැඩි කිරීම

- ජාතික ශිල්ප සභාව විසින් අත්කම් ශිල්පීන්ගේ කුසලතා හා හැකියාවන් සවිමත් කිරීම පිණිස අත්කම් පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ප්‍රධාන අත්කම් කර්මාන්ත පුහුණු වැඩසටහන යටතේ 1985 සිට සහ ඊට අමතරව අත්කම් පුහුණු මධ්‍යස්ථාන හරහා 2009 සිට ග්‍රාමීය මට්ටමේදී අත්කම් කර්මාන්තයේ ශිල්ප ක්ෂේත්‍ර 20 කට පුහුණුව සපයනු ලබයි. සාම්ප්‍රදායික ජාතික උරුමයක් වන හස්තකර්මාන්ත අප රටේ සංස්කෘතිය ලෝකයට විදහා පෙන්වීම සඳහා වන කදිම වේදිකාවක් වේ. ජාතික ශිල්ප සභාව යටතේ හස්තකර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව ලබන පුහුණුලාභීන්ට ගෙවනු ලබන රු. 500/- ක මාසික දීමනාව රු. 1,000/- දක්වා වැඩි කිරීමට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.