• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත “ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය” අනෙකුත් සේවාවන්ගෙන් පරිබාහිර සුවිශේෂ සේවාවක් ලෙස පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය නිෂ්කාශනය ලබාගැනීම

- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් 154 වන ව්‍යවස්ථාව මඟින් විගණකාධිපතිවරයාගේ කාර්යයන් නියම කර ඇති අතර ඒ අනුව, ඔහු විසින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, පළාත් සභා, පළාත් පාලන ආයතන හා විදේශ අරමුදල් මඟින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආදියට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව වාර්ෂික විගණනය සිදු කර පවතින තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම අවශ්‍ය වේ. විගණකාධිපතිවරයා වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත රාජකාරි කර්තව්‍යයන් ඉටු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා විගණන සේවය සහ විගණන පරීක්ෂක සේවය විගණකාධිපතිවරයාට සහාය වේ. යෝජිත ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය විශේෂ සේවයක් ලෙස පිහිටුවීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.