• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා ප්‍රධාන කාර්යාලයීය ගොඩනැඟිල්ල ඉදි කිරීම

- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එහි ප්‍රධාන කාර්යාලය සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අනුයුක්ත ඉඩම් කොටසක නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අපේක්ෂා කරයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.