• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපජල පවිත්‍රාගාරය, ප්‍රධාන පොම්පාගාරය, පවිත්‍ර කරන ලද අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය සැලසුම් කොට ඉදි කිරීම සහ මෙහෙයුම් හා නඩත්තු උපකරණ සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- මෙම ව්‍යපෘතියේ අරමුණ වන්නේ ගෘහස්ථ සහ කාර්මික අපජලය එකතු කොට යන්ත්‍ර මඟින් පවිත්‍ර කිරීමේ පහසුකම් ඇති කිරීමෙන් මහනුවර නගරයේ ජල මූලාශ්‍ර මහවැලි ගඟ සහ මහනුවර වැව දූෂණය වීම වැළැක්වීමයි. මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත්තු පැකේජ 4 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙය එහි 1 වැනි කොන්ත්‍රාත්තු පැකේජයයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.