• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහව මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදි කිරීම

- නිකවැරටිය - මොරගොල්ලාගම - සියඹලාණ්ගමුව මාර්ගය (B 326) මහව නගරයේදී උතුරු, උතුරු මැද සහ නැ‍ඟෙනහිර පළාත් වෙත දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරයි. නිතර රේල්‍ ගේට්ටු වැසීම සහ මහව නගරයේ පවතින තදබදය හේතු කොට ගෙන ඉහත මාර්ගයේ රථවාහන ගමනා ගමනයට දීර්ඝ වශයෙන් ප්‍රමාදයන් ඇතිවේ. ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ඉහත කාර්යය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.