• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීනයේ බීජින්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි තේ ප්‍රවර්ධන ඒකකයක් ස්ථාපිත කිරීම

- චීනයේ ගෘහස්ථ කළු තේ පරිභෝජනය වර්ධනය වෙමින් පවතින අතර එහි වර්තමාන කළු තේ ආනයනය කිලෝ ග්‍රෑම් මිලියන 15 පමණ වේ. වසර 2020 වන විට එය කිලෝ ග්‍රෑම් මිලියන 100 දක්වා ළඟා වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ශ්‍රී ලංකාව, චීනය වෙත කළු තේ සපයන විශාලතම සැපයුම්කරු වන අතර, එරට තේ වෙළඳපොළින් 27% කට හිමිකම් කියයි. චීනයේ බීජින්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි තේ ප්‍රවර්ධන ඒකකයක් ස්ථාපිත කිරීමට සහ ඊට අදාළ කටයුතු කරගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.