• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘සිලෝන් ටී එක්ස්පෝ 2015’ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා එක්ව ප්‍රථම ‘සිලෝන් ටී එක්ස්පෝ 2015’ ප්‍රදර්ශනය හා සම්මේලනය 2015 නොවැම්බර් 6 සිට 8 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීම සංවිධානය කිරීමට සැලසුම් කරමින් සිටියි. මෙම ප්‍රදර්ශනය මඟින් ජාත්‍යන්තර ගැනුම්කරුවන්, සුපිරි වෙළඳපොළ ජාලයන්, තොග වෙළඳුන්, අගය එකතු කරන්නන් සංවර්ධනවත්, ආයතන, සංගම් ආදිය ආකර්ෂණනය කරගැනීමට අපේක්ෂා කෙරේ. මෙමඟින් ශ්‍රී ලංකා තේ සඳහා ලොව පුරා ප්‍රමාණවත් ප්‍රචාරණයක් ද ලබා දෙන අතරතුර රටට ආදායම්ද උපදවනු ඇත. මීට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.