• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන්ගේ ආහාර හා සේවා පහසුකම් සඳහා වන මාසික දීමනාව වැඩි කිරීම

- 2015 වසර සඳහා වන අයවැය යෝජනා හා අනුගතව සේවාස්ථ පුහුණු සමය තුළ ගුරු අභ්‍යාසලාභියකු වෙත ගෙවනු ලබන මාසික දීමනාව රුපියල් 4,000/- ක් වන සේ රුපියල් 1,000/- කින්ද, අධ්‍යයන පුහුණු සමය තුළ ගුරු අභ්‍යාසලාභියකු වෙත මසකට ගෙවනු ලබන මාසික දීමනාව රුපියල් 3,500/- ක් වන සේ රුපියල් 1,000/- කින්ද වැඩි කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.