• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරි සැකසුම් මධ්‍යස්ථානයක් බඩල්ගම ස්ථාපනය කිරීම

- කිරි සැකසුම් කර්මාන්තයේ නියැළෙන රාජ්‍ය ව්‍යවසායක් වන සීමාසහිත මිල්කෝ පෞද්ගලික සමාගම සතුව නාරාහේන්පිට, දිගන, අඹේවෙල හා පොළොන්නරුව යන ප්‍රදේශවල ප්‍රධාන කිරි සැකසුම් කර්මාන්තශාලා හතරක් ඇත. අධික ලෙස නාගරිකරණය වූ ප්‍රදේශයක් වන නාරාහේන්පිට පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රතිස්ථානගත කිරීමට යෝජනා කර ඇත. බඩල්ගම නව කර්මාන්තශාලාවේ ජීවානුහරණය කළ කිරි, යෝගට්, අයිස්ක්‍රීම්, බටර් හා චීස් ආදිය නිපදවීම පිණිස අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම්වලින් සමන්විත කිරි සැකසීමේ යන්ත්‍රසූත්‍රාගාරයක් පිහිටුවීමටද යෝජිතය. මේ සඳහා අරමුදල් සැපයීම හා සම්බන්ධ කටයුතු කරගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.