• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014‑10‑29 වන දින කොස්ලන්ද, මීරියබැද්දේදී සිදුවූ නායයාමේ ව්‍යසනය හේතුවෙන් හානියට පත් වූ පවුල් නැවත පදිංචි කිරීම පිණිස නිවාස ඉදි කිරීම

- 2014‑10‑29 දින කොස්ලන්ද මීරියබැද්දේදී සිදු වූ නායයාම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් 75 සඳහා නිවාස ඉදි කිරීම පිණිස මස්කෙළිය වැවිලි සමාගමට අයත්, අම්පිටිකන්ද මැල්වන් කොටසෙහි අක්කර 02 ක් පමණ වන භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති අතර එකී ඉඩම නිවාස ඉදි කිරීම සඳහා සුදුසු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කරනු ලැබ ඇත. මෙම ඉදි කිරීම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබන අතර ඉදි කිරීම් වැඩ අරඹමින් මුල්ගල තැබීමේ උත්සවය 2014‑12‑18 දින පැවැත්වීමට නියමිතය. පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු ආරුමුගන් තොන්ඩමාන් මැතිතුමා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඒකාබද්ධව මෙම තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.