• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ, ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයනයන් සඳහා වන ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKIIRSS) සහ බීජිංහි, කාලීන ජාත්‍යන්තර සබඳතා සඳහා වන චීන ආයතනය (CICIR)අතර අවබෝධතා ගිවිසුම

- ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයනයන් සඳහා වන ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය වනාහි කාලීන දේශීය හා ගෝලීය සන්දර්භයන් තුළ, ජාත්‍යන්තර සබඳතා විෂය පථයෙහි ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික අභිලාෂයන් විශ්ලේෂණය කිරීම පිණිස කැපවුණු විෂයයන් බොහෝමයක් හා බැඳුණු පර්යේෂණ සංසදයකි. ජාතික ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා දායකත්වය ලබා දීමේ අරමුණින්, පර්යේෂණ හා විෂ්ලේෂණ උත්පාදනය කිරීම සඳහා වන සංසදයක් ලෙස මෙම ආයතනය කටයුතු කරයි. දෙරට අතර ඉහත සඳහන් අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී.එල්. පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.