• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වික්ටෝරියා වේල්ලේ පුනරුත්ථාපන වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

- වේලි ආරක්ෂාව සහ ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතියේ පිරිවැය දැරීම උදෙසා ශ්‍රී ලංකාවේ රජය වෙත ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයෙන් (IDA) ණය මුදලක් ලැබී ඇත. මෙම මුදල්වලින් කොටසක් වික්ටෝරියා වේල්ලේ පුනරුත්ථාපන කටයුතු සඳහා යෙදවීමට සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී