• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදි කිරීමේ පිරිවැය දැරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් (JICA) ජපාන යෙන් මිලියන 12,381ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. බස්නාහිර, දකුණ, වයඹ, උතුර හා සබරගමුව යන පළාත්වල ජාතික මහාමාර්ග ජාලයේ පිහිටි පටු හෝ අබලන් තත්ත්වයේ පවතින පාලම් 37 ක් මෙම ව්‍යාපෘතිය සඳහා හඳුනා ගනු ලැබ ඇත. මෙහි කොන්ත්‍රාත්තු පැකේජ 01 ට පාලම් 10 ක් ඇතුළත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි කොන්ත්‍රාත්තු පැකේජ 01 සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.