• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛත්ව ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ඌරගස්මන්හංදිය, ගෝනාපීනුවල, දික්කුඹුර සහ වැලිගම ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා ‍වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙම කාර්යය සඳහා අරමුදල් සලසා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.