• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හැටන්-නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

- මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම, වාහන තදබදය දුරු කිරීම හා මාර්ග ආරක්ෂාව පුළුල් කිරීම පිණිස හැටන් සහ නුවරඑළිය අතර මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමයි. මේ අනුව කි.මී.35.6 ක දිගින් යුත් හැටන් - නුවරඑළිය මාර්ගය මංතීරු දෙකක පහසුකම් සහිතව පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මෙම කාර්යය සඳහා අරමුදල් සලසා ගැනීම සම්බන්ධයෙන් අදාළ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.