• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර III

- කි.මි. 29.22 ක මුළු දිගකින් යුත් පිටත වටරවුම් මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී කඩුවෙල, කඩවත හරහා දිව ගොස් කෙරවලපිටියෙන් අවසන් වේ. එය කොළඹ නගරයේ සිට විහිදෙමින් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය හා අනිකුත් ප්‍රධාන ජාතික මාර්ගයන් හා සම්බන්ධ කරයි. මෙම කාර්යය සඳහා වන අරමුදල් සලසාගැනීම හා සම්බන්ධ කටයුතු කර ගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.