• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමුඛතා පදනම මත, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නළ ජල සැපයුම් සේවා ආවරණ ප්‍රදේශය පුළුල් කිරීම සඳහා දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම

- රටෙහි සියලුම පළාත් ආවරණයකරමින් දේශීය බැංකු මඟින් සපයනු ලබන අරමුදල්වලින් ජලසම්පාදන ව්‍යාපෘති 22ක් ක්‍රියාවට නැංවීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් කඩිනම් වැඩසටහනක් සකස් කොට ඇති අතර එමඟින් 2015 වසරේ මාර්තු වන විට 150,000 ක ජනතාවකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමට අපේක්ෂිතය. මෙම කාර්යය සඳහා වන අරමුදල් සලසා ගැනීම හා සම්බන්ධ කටයුතු කරගෙන යාම පිණිස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.