• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර, ශ්‍රී ලංකා බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ප්‍රතිස්ථානගත කිරීම යටතේ දෙමහල් දාන ශාලාවක් සහ බහුකාර්ය ශිෂ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම

- දාන ශාලාවක් ලෙස යොදා ගැනීමට රුපියල් මිලියන 171.6 ක වියදමකින් දෙමහල් ගොඩනැඟිල්ලක් සහ රුපියල් මිලියන 76.4 ක වියදමකින් බහුකාර්ය ශිෂ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස සහ ඊට අදාළ කටයුතු කර ගෙන යාම‍ පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී. දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.