• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නායයෑම් උවදුරට ලක්වීමට ඉඩ ඇති ප්‍රජාවන්ගේ එම අවධානම අවම කිරීම

- නායයෑමේ අවදානමට මුහුණ දෙන පවුල් ඇතුළුව වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවට නිවාස 50,000 ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන 2015 අයවැයෙන් රජය විසින් දැනටමත් වෙන් කරනු ලැබ ඇත. මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛතා පදනමක් මත, මෑතදී නායයාමේ ව්‍යසනයට ගොදුරු වූ වතුයාය ඇතුළුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධිඅවදානම් කලාප ලෙස හඳුනාගනු ලැබ ඇති වතු සඳහා වැවිලි කර්මාන්ත මානව සංවර්ධන භාරය හරහා නිවාස ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කරමින් සිටියි. සුදුසු තාක්ෂණික ක්‍රමවේද මඟින් නායයෑමේ ආපදාවන්ට ලක්වීමට වැඩි ඉඩකඩක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීමේ කටයුතු කර ගෙන යාම පිණිස සහ නායයෑමේ අවදානම් අවම කිරීමට පියවර ගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.