• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014‑10‑29 වෙනි දින කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් මියගිය අය වෙනුවෙන් අවමංගල්‍යාධාර ලබා දීම හා තුවාල ලැබූවන් හට වෛද්‍යාධාර ලබා දීම

- ඉහත ව්‍යසනයෙහි වින්දිතයන් වෙත පහත සඳහන් පරිදි සහන සැලසීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ලබා දිය යුතු අය නිසි පරිදි හඳුනා ගැනීමෙන් පසු, ඉහත ව්‍යසනය හේතුවෙන් මරණයට පත් වූ දොළොස් දෙනා (12) වෙනුවෙන් සහ අතුරුදහන් වූ විසි දෙනා(20) වෙනුවෙන් එක් අයකුට රුපියල් 1,00,000/- බැගින් ගෙවීම;

* තුවාලවල ස්වභාවය සැලකිල්ලට ගනිමින් ඉහත ව්‍යසනය හේතුවෙන් තුවාල ලැබූ පස්දෙනාට (05) එක් අයකුට රුපියල් 50,000/- ත උපරිමයක් දක්වා ගෙවීම සහ මූලික ගෙවීමක් ලෙස රුපියල් 10,000/-ක් ගෙවීම; සහ

* අවමංගල්‍යාධාර ලෙස මියගිය අයගේ වැන්දඹුවට/කනවැන්දුම් පුරුෂයාට හෝ හෝ ළඟම නෑයාට රුපියල් 25,000/- බැගින් ගෙවීම.