• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවාගන්නා ශික්ෂණලාභීන් සඳහා අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීම

- අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් දැනට ක්‍රියාත්මක වන අතර මෙම විද්‍යාපීඨවල පුහුණුව සඳහා වාර්ෂිකව බඳවාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 3,000 ක් පමණ වේ. 2014 සඳහා ශිෂ්‍ය බඳවාගැනීමේ සිට ආරම්භ වන පරිදි අධ්‍යාපන විද්‍යාපීඨයක සිසුන් සඳහා නියමිත සම්පූර්ණ අධ්‍යයන කාල සීමාව අවුරුදු 04ක් වන සේ දැනට ක්‍රියාත්මක අධ්‍යයන කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීම පිණිස සහ අධ්‍යයන පාඨමාලව සාර්ථකව නිම කිරීමෙන් පසුව ඔවුන්ට අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.