• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය (සාමාජිකයන්ට ලාභාංශ ගෙවීම සහ අරමුදලට සේවා යෝජකයාගේ දායකත්වය වැඩි කිරීම පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම)

- රුපියල් ට්‍රිලියනයක පමණ වත්කම් පදනමක් සහිත සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන අතර, මෑතකාලීනව එහි වත්කම්වලින් 10% ක් පමණ ආදායම් උපදවන වාණිජ වත්කම්වල ආයෝජනය කරනු ලැබ ඇති අතර එමඟින් රුපියල් බිලියන 10ක පමණ ප්‍රාග්ධන වැඩිවීමක් ලබා ගෙන ඇත. වසර 10කට වඩා වැඩි ක්‍රියාකාරී ගිණුම් පවත්වාගෙන යන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් අතර ලාභාංශ බෙදා හැරීමට සහ 2015 වසර සඳහා වන අයවැය යෝජනා අනුව යමින් සෑම සේවකයකුටම ඔවුන්ගේ වැටුපෙන් 22%ක ඉතිරියක් හිමි වන සේ අරමුදල වෙත ලබා දෙන සේවා යෝජකයාගේ දායකත්වය 14% ක් වන සේ 2%කින් වැඩි කිරීමටද අදහස් කෙරේ. ඒ අනුව, 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතට සාංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.