• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම -2014/15 මහ කන්නය

- සහනාධාර වැඩපිළිවෙළ යටතේ පොහොර සැපයීම හසුරුවනු ලබනුයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂයපථය යටතට වැටෙන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත ‍කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසිනි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් 2014‑08‑29 සහ 2014‑09‑03 දිනයන්හි පවත්වන ලද සිය රැස්වීම්වලදී එළැඹි නිර්දේශ පරිදි, 2014/15 මහ කන්නය සඳහා පොහොර ප්‍රසම්පාදනය සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.