• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත් වන මුත් විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීමට අපොහොසත් වන ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ අවශ්‍යතා සපුරා ලනු පිණිස පහත සඳහන් උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයන්හි පහසුකම් පුළුල් කිරීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* දෙහිවල උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙහි සිව්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම;

* කෑගල්ල උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙහි සඳහා සිව්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම; සහ

* යාපනය උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙහි සඳහා සිව්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම.