• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළෙඳ කුටි ඉදි කිරීම

- ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරඳගහමුල නගරය තුළ සහා ඒ අවට දශක දෙකකට වැඩි කාලයක් පුරා සහල් වෙ‍ළෙඳාම් කටයුතු ක්‍රියාත්මක වන අතර බස්නාහිර පළාතේ විශාලතම සහල් වෙළඳ මධ්‍යස්ථානය බවට පුළුල් වී ඇත. රුපියල් මිලියන 372.18 ක පිරිවැයකින් මරඳගහමුල වැවේගොඩැල්ලවත්තේ සහල් ගබඩා සංකීර්ණයක් දැනටමත් ඉදි කර තිබේ. මෙම සහල් ගබඩා සංකීර්ණයට යාබදව සහල් වෙළඳ කුටි 115 ක් අලුතින් ඉදි කිරීමට අවශ්‍ය වී ඇත. ඊට අදාළ ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත භාර දීම පිණිස ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.