• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතියේ II වන පැකේජය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- ඝන මීටර 18,000 ක ධාරිතාවකින් යුතු භූගත ජලාශයක් ඉදි කිරීම, වග මාර්ගය ඔස්සේ ඉරිදාපොළ හන්දියේ සිට පිටුම්පේ දක්වා කි.මී.08 ක් දිග සම්ප්‍රේෂණ නල මාර්ගයක් සහ කි.මී. 10 ක් දිග බෙදා හැරීමේ නල මාර්ගයක් සපයා ඇතිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මෙම බෙදා හැරීමේ මාර්ගය මඟින් ප්‍රධාන වශයෙන් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටහිර වග, පින්නවල දකුණ, උග්ගල්ල සහ පිටුම්පේ උතුර යන ග්‍රාම නිලධාරි වසම් 04 න් කොටසක් ආවරණය කෙරෙනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු ‍දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.