• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හඳුනාගත් මාර්ග හයක් (6) පුනරුත්ථාපනය කිරීම

- රටෙහි පළාත් සහ දිස්ත්‍රික්ක සම්බන්ධ කෙරෙන පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය සඳහා හඳුනාගනු ලැබ ඇති අතර මෙම මාර්ග වැඩිදියුණු කිරීම මඟින් ග්‍රාමීය ප්‍රදේශ වෙත වඩා හොඳ ප්‍රවේශ පහසුකම් සැපයෙනු ඇති අතර දේශීය හා ජාත්‍යන්තර වෙළඳ ‍පොළවල් වෙත නිෂ්පාදන මධ්‍යස්ථානයන්හි සම්බන්ධතාව පුළුල් වනු ඇත.

* අයගම - කුකුලේගම මාර්ගය - කි.මී.16.89;
* දික්වැල්ල - ජන්ගුල්ල - තල්පිටිගල මාර්ගය - කි.මී.24.14;
* බලංගොඩ - බෝවත්ත - කල්තොට මාර්ගය - කි.මී.28.96;
* නෝර්වුඩ් - බොගවන්තලාව -කැම්පියන් මාර්ගය - කි.මී.16.89;
* පස්සර - හිඟුරුකඩුව - පැලවත්ත මාර්ගය - කි.මී.30.17; සහ
* බ්ලැක්පූල් - අඹේවෙල - පට්ටිපොල - හෝර්ටන්තැන්න මාර්ගය - කි.මී.28.16

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.