• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජගිරිය, පොල්ගහවෙල සහ ගනේමුල්ල යන ස්ථානයන්හි ගුවන් පාලම් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය, පොල්ගහවෙල සහ ගනේමුල්ල යන ස්ථානයන්හි ගුවන් පාලම් ඉදි කිරීමට ඇති අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. රථවාහන තදබදය අඩු කිරීම, අනතුරු අවම කිරීම සහ අධික රථ වාහන මෙහෙයුම් පිරිවැය අඩු කිරීම පිණිස රාජගිරියේ ඉදි කිරීමට නියමිත ගුවන් පාලම ඉතා ඉක්මනින් ඉදි කිරීම අවශ්‍ය වේ. දුම්රිය හරස් මාර්ගයන්හිදී දුම්රිය ගේට්ටු නිතරම පාහේ වැසීම හේතු කොට ගෙන මාර්ග භාවිත කරන්නන් විසින් මුහුණ දෙනු ලබන දීර්ඝ ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස ගනේමුල්ල සහ පොල්ගහවෙල ප්‍රදේශයන්හි ගුවන් පාලම් ඉදි කිරීම විශේෂයෙන්ම සිදු කළ යුතුව ඇත. ඉහත සඳහන් ගුවන් පාලම් තුන ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.