• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය - කොන්ත්‍රාත් පැකේජ 01 සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය දැරීම උදෙසා කුවේට් ඩිනාර් මිලියන 10 ක ණය මුදලක් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ බස්නාහිර, දකුණ, නැ‍‍ඟෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වල ජාතික මහාමාර්ග ජාලයේ පිහිටා ඇති පටු හෝ අබලන් තත්ත්වයේ පවතින පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. ව්‍යාපෘතිය කොන්ත්‍රාත් පැකේජ 03 කට බෙදා ඇති අතර කොන්ත්‍රාත් පැකේජ 01 සඳහා පාලම් 08ක් අයත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි කොන්ත්‍රාත් පැකේජ 01 සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.