• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අංක 02 සිට 08 දක්වා වන කොන්ත්‍රාත් පැකේජයන්හි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

- උතුරු අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ සිට ගලේවෙල දක්වා කොටස සහ ඈඳන අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා වන අංක 02 සිට 08 දක්වා කොන්ත්‍රාත් පැකේජයන්හි ඉදි කිරීම් අධීක්ෂණය කිරීම පිණිස උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.