• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට ටවර් හිල් ප්‍රදේශය ප්‍රතිසංවර්ධනය කිරීම

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද මහ හම්බන්තොට ප්‍රධාන සැලැස්මෙහි කලාප සැලැස්ම අනුව ටවර් හිල් ප්‍රදේශය වෙරළබඩ සංචාරක කලාපය තුළ පිහිටා ඇත. මෙම ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීම ප්‍රධාන වශයෙන්ම කෞතුකාගාර, ප්‍රදර්ශන ශාලා, තොරතුරු මධ්‍යස්ථාන, තානායම් ආදී සංචරණය හා බැඳුණු පරිශ්‍රයන් සැලසුම් කිරීම සහ හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්මාරක පුනරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීම යනාදියෙන් සමන්විත වේ. මෙම කාර්යය සඳහා හඳුනාගත් ඉඩම් කොටස් 10 ක් ලබා දීමට සහ එම ඉඩම් වෙන් කිරීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.