• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශාක පරීක්ෂාව හා නිරෝධායන කටයුතුවල සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම

- මෙම අවබෝධතා ගිවිසුමෙන් අපේක්ෂා කෙරෙනුයේ කෘෂි නිෂ්පාදනය හා වන සම්පත් ආරක්ෂා කිරීම සහ වෙනත් රටවලින් ශ්‍රී ලංකාව සහ චීනය තුළට පැලෑටි පලිබෝධ ඇතුළුවීම සහ පැතිරීම වැළැක්වීම මඟින් පැළෑටි නිෂ්පාදන වෙළඳාම ප්‍රවර්ධනය කිරීමය. ශ්‍රී ලංකාව හා චීනය අතර ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.