• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ වැළැක්වීමේ ආඥාපනත සඳහා වූ සංශෝධන

- මෙම ආඥාපනත පැනවීමෙන් පසුව ඇතැම් සාපරාධී කටයුතු නියාමනය හා පාලනය කිරීම සඳහා විධිවිධාන සලසමින් පාර්ලිමේන්තුව විසින් නව නීති රැසක් හඳුන්වා දී තිබෙන අතරම එනයින් එ‍වන් අපරාධ සිදු කිරීම මැඬ පැවැත්වීම පිණිස අලුතින් වරදවල්ද හඳුන්වා දී ඇත. එබැවින්, එම නව නීති මඟින් හඳුන්වා දී ඇති ඇතැම් වරදවල් සිදු කිරීම පිළිබඳ චෝදනා ලබන තැනැත්තන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ අවශ්‍යතාවක් දැන් පැන නැඟී ඇත. මෙම කාර්යය සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙ‍ටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම සඳහා අධිකරණ අමාත්‍ය ගරු රාවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.