• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කොරියානු ජනරජය අතර අවබෝධතා ගිවිසුම

- පුහුණු කිරීමේ, සහතික කිරීමේ සහ මුරකාවල්වල යෙදීමේ ප්‍රමිතීන් පිළිබඳ වූ 1978 ජාත්‍යන්තර සම්මුතිය අනුව සිය රටෙහි සමුද්‍රීය පරිපාලනය විසින් ඔහුට නිකුත් කරන ලද සමුද්‍රීය සහතික දරන නාවිකයකුට යම් රටක ධජය යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එවැනිම පිළිගැනීමේ සහතිකයක් අදාළ රටෙන් ලබාගැනීම අනිවාර්ය වේ. 1971 අංක 52 දරන වෙළඳ නාවුක පනතද මෙම අවශ්‍යතාව හා අනුකූල වීම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව දැනටමත් රටවල් 28 ක් සමඟ ගිවිසුම්වල එළැඹ ඇති අතර එමඟින් ශ්‍රී ලාංකික නාවිකයන් විශාල සංඛ්‍යාවකට විදේශීය නෞකාවල සේවය කිරීමේ අවස්ථාවන් සැලසී ඇත. කොරියානු ජනරජය විසින් මෙම සහතික පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එමඟින් ශ්‍රී ලාංකික නාවිකයින්ට කොරියානු ධජය සහිත නෞකාවල මෙන්ම කොරියානු නාවිකයින්ට ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි නෞකාවල සේවය කිරීමටද අවස්ථාව සැලසෙනු ඇත. දෙරට අතර ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.