• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය - උපදේශක සේවා ප්‍රසම්පාදනය

- ඉහත ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මඟින් ජපාන යෙන් මිලියන 35,020 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. ඉහත ව්‍යාපෘතියේ අරමුණ වනුයේ දැනට පවතින නව කැලණි පාලම අවට ගමනාගමන තත්ත්වය වැඩිදියුණු කිරීමයි. කැලණි ගඟ මතින් තවත් නව පාලමක් ඉදි කිරීම, වරාය ප්‍රවේශ මාර්ගය ඉදි කිරීම සහ ඔරුගොඩවත්ත, ඉඟුරුකඩේ හා කැලණිතිස්ස මංසන්ධිවල අන්තර් හුවමාරු ඉදි කිරීම සහ ඔරුගොඩවත්ත හා කැලණිතිස්ස මංසන්ධි අවට මාර්ග දියුණු කිරීමද ව්‍යාපෘතියට ඇතුළත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.