• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම

- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් උපදේශනය, ආගමික හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, අධ්‍යාපනික ක්‍රියාකාරකම්, වෘත්තීය පුහුණුව සහ ක්‍රීඩා මඟින් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම පිණිසත්, එම ව්‍යාපෘතිය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිසත් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.