• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව

- දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගොඩගම දක්වා ගමනාගමන කටයුතු ක්‍රියාත්මක අතර අන්දරවැව සිට හම්බන්තොට දක්වා සම්බන්ධතාවක්ද සහිතව අධිවේගී මාර්ගය ගොඩගම සිට මත්තල දක්වා වෙන් වෙන් වශයෙන් කොටස් 04 කින් යුක්තව දීර්ඝ කිරීමට අදාළ සිවිල් වැඩ සඳහා වූ වාණිජමය ගිවිසුම් අත්සන් කොට ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.