• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තරුණ සේවා සභාව හා චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය අතර තරුණ සංවර්ධනයට අදාළව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම

- ප්‍රධාන වශයෙන්ම පහත සඳහන් කටයුතු ආවරණය කෙරෙන, දෙරට අතර අත්සන් තැබුණු ඉහත අවබෝධතා ගිවිසුමට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ශ්‍රී ලාංකික ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට චීන භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලබා දීම; සහ

* චීන ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට සිංහල භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලබා දීම සහ චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය තුළ දෙමළ භාෂා අධ්‍යයන අංශයක් ස්ථාපිත කිරීම.