• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු හා නැගෙනහිර පළාත් තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යාල සහ නිල නිවාස ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාවේ සමස්ත වන ආවරණයෙන් උතුරු හා නැ‍ඟෙනහිර පළාත් තුළ පිහිටි වන ආවරණය 41% ක් වන අතර පසුගිය සමයේ පැවති ගැටුම් තත්ත්වය හේතුවෙන් මෙම පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර කටයුතු මුළුමනින්ම ඇණහිට තිබිණි. මෙම පළාත් දෙකෙහි දිසා වන කාර්යාල 04 ක් ඉදි කිරීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.