• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති කර ගත් ද්විපාර්ශ්වික ගිවිසුම

- සාපරාධී කරුණුවලදී අන්‍යොන්‍ය නෛතික සහාය ලබා දීම පිළිබඳ ගිවිසුම මඟින් අපරාධ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැළැක්වීම සහ අපරාධ මඟින් ඉපයූ මුදල් රාජසන්තක කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේ නීති බලාත්මක කිරීමේ ඵලදායිත්වය වැඩිදියුණු කිරීම සඳහා විධිවිධාන සලසනු ලබයි. ඉහත ගිවිසුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.