• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝටස් පාරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇති ඉඩමෙන් අක්කර එකක (01) ප්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම

- ලෝටස් පාරේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු භූමි ප්‍රදේශය කොටුව පොලිස් ස්ථානය නැවත පිහිටුවීම සඳහා සුදුසු ප්‍රදේශය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ලෝටස් පාරේ පිහිටි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු හඳුනාගනු ලැබූ ඉඩමෙන් අක්කරයක් කොටුව පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත වෙන් කර දිම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.