• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ 2014 වසරේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත ප්‍රතිපාදන වෙන් කිරීම

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් කැස්බෑව නගරය “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරන ලද සංවර්ධන සැලැස්මක් තුළින් නගරයේ මූලික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන ඇත. “පිළියන්දල නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය” එවන් ප්‍රධාන ව්‍යාපෘතියකි. ඊට අමතරව, කැස්බෑව නාගරික ප්‍රදේශයේ සමාජ අවශ්‍යතාවන් සපුරා ලනු පිණිස ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් ව්‍යාපෘති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුනා ගනු ලැබ ඇත:

* පිළියන්දල නගරයේ පදික වෙළඳුන් සඳහා වාණිජ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම;
* රත්මල්දෙණියේ ළමා හා මාතෘ සායනික ගොඩනැඟිල්ලක් ඉදි කිරීම;
* ‍දොලේකනත්ත සුසාන භූමිය ප්‍රතිසංවර්ධය කිරීම; සහ
* සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩා පිටිය තුළ ඇවිදීමේ මංතීරුවක් ඉදි කිරීම.

ඉහත සඳහන් ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.