• Increase font size
  • Default font size
  • Decrease font size

2014-11-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලශක්ති සහයෝගිතාව (විදුලිබල) සඳහා සා(ර්)ක් ගිවිසුම් රාමුව

- ඉන්දියානු රජය විසින් සකස් කරන ලද ඉහත ගිවිසුම 2014 ඔක්තෝබර් 17 වෙනි දින ඉන්දියාවේ නව දිල්ලියේදී පවත්වන ලද දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ [සා(ර්)ක්] බලශක්ති අමාත්‍යවරුන්ගේ 5 වැනි සැසි වාරයේදී සම්මත කර ගනු ලැබූ අතර ඉදිරි‍යේදී පැවැත්වෙන සා(ර්)ක් සමුළුවේදී අත්සන් තැබීමට නියමිත එකී කෙටුම්පත් ගිවිසුම සඳහා එක් එක් සාමාජික රාජ්‍යයේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ. මෙම ගිවිසුමේ අරමුණ වනුයේ අදාළ සාමාජික රාජ්‍යයන්හි නීති, රීති සහ රෙගුලාසිවලට යටත්ව, අන්‍යොන්‍ය එකඟතාව සහ ස්වේච්ඡා පදනම මත දේශ සීමා හරහා සිදු කෙරෙන විදුලිය වෙළෙඳාමට ඉඩ ලබා දීමයි. යෝජිත ගිවිසුම රටෙහි මෙන්ම දකුණු ආසියානු කලාපයේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන ඵලදායී මෙවලමක් වනු ඇත. ඉහත ගිවිසුම අත්සන් කිරීමට සහ ඊට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.